පොලිස්පති සම්බන්ධයෙන් පරීක්ෂණයක්

ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිදරව් කළ නාමල් කුමාර නැමැත්තාට රුපියල් ලක්ෂ 5 ක ත්‍යාගයක් ලබාදී එය නැවත ලබාගෙන ඉදිරියට කරන කියන දේ නවත්වන ලෙස පොලිස්පතිවරයා විසින් තර්ජනය කිරීමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවනවා.

ඝාතන සැළසුම සම්බන්ධව කරන ලද පැමිණිල්ලේ සඳහන් වන පරිදි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සමඟ නාමල් කුමාර එම රුපියල් ලක්ෂ පහක පොලිස් ත්‍යාග මුදල ලබා ගැනිම පිණිස පොලිස් මුලස්ථානයට ගොස් ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ දිනකදීයි.එහිදී මෙම තර්ජනය සිදුකර ඇති බවටයි ප්‍රකාශවී ඇත්තේ.

නාමල් කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කැර ඇත්තේ තමා ඝාතන කුමන්ත්‍රණ සැළසුම හෙළිදරව් කිරීමට සුදානම් ව සිටින බවට පොලිස්පතිවරයා තොරතුරු දැනගෙන තමාට මින් ඉදිරියට කිසිවක් නොකරන ලෙසට තර්ජනාත්මක ස්වරුපයෙන් පවසා සිටි බවයි.

නාමල් කුමාර අපරාධ පරක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇති තවත් කරුණු අතර මෙම ඝාතන කුමන්ත්‍රණයට දේශපාලඥයන් දෙදෙනකු ද රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු ද සම්බන්ධ බව ප්‍රකාශ කර තිබෙනවා.