පොලිසියට භාරවූ ප්‍රවීන ගායකයාගේ බිරිඳ රිමාන්ඩ්

රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට තංගල්ල පොලිසියට බාරවූ ප්‍රවීණ ගායකයකුගේ බිරිද වන හෂිනි අමේන්ද්‍රා ලබන 17වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් මහීල් විජේවීර මහතා අද නියෝග කළා.

ඇය තංගල්ල ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී 2012.11.14 දින සිට 2016.04.22 දක්වා වූ කාලයේ බැංකුව තුල සිදුවූ රුපියල් දොළොස් ලක්ෂ අසූදාහක් වටිනා රන් භාණ්ඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකාරිය රුපියල් ලක්ෂ හයක මුදලක් නැවත රාජ්‍ය බැංකුව වෙත ගෙවා ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.මේ පිළිබදව දැනට විදේශගතව සිටින උකස් භාණ්ඩ වල අයිතිකාර කාන්තාවක්ද තංගල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිඛෙනවා.

මේ සම්බන්ධයෙන් වසරකට අධික කාලයක් තංගල්ල පොලිස් ස්ථානයෙන් කඩිනම් පරික්ෂණයක් සිදු නොවීම නිසා වහාම ක්‍රියාක්මක වූ තංගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ විශේෂ නියෝගයක් මත විශේෂ වංචා විමර්ශන ඒකකය වෙත භාර දී එමගින් වැඩිදුර පරික්ෂණ සිදු කළ අතර ඒ අනුවයි සැකකාරිය පොලිසිය වෙත භාරවී තිබුණේ.