You are here
Home > ආසන්න-පුවත් > පොලිසියෙන් අසාධාරණයක් වුනොත් පැමිණිලි කරන්නේ මෙහෙමයි

පොලිසියෙන් අසාධාරණයක් වුනොත් පැමිණිලි කරන්නේ මෙහෙමයි

හම්බන්තොට ඊයේ පැවති උද්ඝෝෂණය අතරතුර සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොමිසම අවධානය යොමුකර තිඛෙනවා.
ඒ අදාළ පහරදීම සම්බන්ධයෙන් එල්ලවන දැඩි විරෝධය හමුවේයි.
ලබන බ්‍රහස්පතින්දා දිනයේ මෙම සිද්ධිය පිළිබද සාකච්ඡා කිරීමට නියමිත බවයි පොලිස් කොමිසමේ ලේකම්වරයා කියා සිටියේ.
අධිකරණ නියෝගය නොතකා හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය කඳුලු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී හටගත් උණුසුම් තත්ත්වයේදී 9 දෙනකු තුවාල ලැබුවා.
මේ අතර පොලීසිය විසින් සිදු කරන ඕනෑම පහරදිමක් හෝ පොලීසියෙන් සිදු වන අසාධාරණයන් පිළිබඳව ජාතික පොලිස් කොමිසමට දැනුම්දීමට හැකියාව පවතින බවයි පොලිස් කොමිසම පවසන්නේ.
ලිඛිතව අදාල පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව පවතින අතර 071 036 1010 යන දූරකතන මාර්ගයෙන් ද අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පොලිස් කොමිසම සඳහන් කළා. මේ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුල පවතින පොලිස් කොමිසමේ නියෝජිත කාර්යාල මගින්ද පැමිණිලි ලබාදිය හැකිවනවා.

Top