පොහොට්ටුවට තවත් නාමයෝජනාවක් ඉවතට / නාම යෝජනාදීමත් අවසන්

පලාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දෙවන අදියර යටතේ නාමයෝජනා කැදවූ පලාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර කිහිපයක් ප්‍රතික්ෂේප වී තිඛෙනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ආර්.එම් වන්නිනායක මහතා සදහන් කළේ.
පක්ෂ ලේකම්වරයාගේ අත්සන සහතික නොකිරීම හේතුවෙන් අදාළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කර තිඛෙනවා.
වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය, නියමිත කාන්තා නියෝජනය නොමැති වීම හේතුවෙන් ප්‍රතික්ෂේප වූ බව මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ප්‍රදීප් රත්නායක මහතා සදහන් කළා.
දික්වැල්ල ප්‍රාදේශීය සභාව සඳහා මව්බිම ජනතා පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වූ අතර කොළඹ මහනගර සභාව සඳහා ජාතික ජනතා පක්ෂය ලබාදුන් නාමයෝජනා පත්‍රය අපේක්ෂකයන් නියමිත සංඛ්‍යාවක් නොමැතිවීම හේතුවෙන් ප්‍රතික්ෂේප කර තිඛෙනවා.
ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව සඳහා එක්සත් සමාජවාදී පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ ද අපේක්ෂකයින් නියමිත සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සඳහන් කර තිබී හේතුවෙන් ප්‍රතික්ෂේප  කර ඇති බව සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *