පොහොට්ටුවේ විශ්වාසභංගයට අත්සන් 51 ක්

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සකස් කර ඇති විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51 දෙනෙකු අත්සන් කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා අද කියා සිටියා. ඒ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.
එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එයට අත්සන් කරන බවට දන්වා ඇතැයිද මන්ත්‍රීවරයා සදහන් කළා.
මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ පසුව ඊළඟ අගමැතිවරයා තෝරා පත් කරගැනීමේ වගකීම ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතුව බවයි.
බහුතර කැමැත්ත ඇති පුද්ගලයෙකු අගමැතිවරයා ලෙස පත්කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බවද පීරිස් මහතා සදහන් කළා.