පොහොට්ටුව හා අත රහස් එකගතාවයක ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර රහසිගත එකගතාවයක් නිර්මාණය වී ඇති බව විශ්වසනීය දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
එම වාර්තා හෙළි කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ නිදහස් පක්ෂයේ ප්‍රබලයින් අතඑ මෙම එකගතාවය නිර්මාණය කිරීම සදහා ඉහලම බලවතකුගේ සොහොයුරකු මැදිහත්ව ඇති බවයි.
ඒ අනුව ලබන දෙසැම්බර් මාසයෙන් පසු හදිසි මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමේ සූදානමක් ඇතැයිද එම වාර්තා හෙලිකරනවා.
එම මැතිවරණයට නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව තරග කිරීමේ සූදානමක් ඇති බවද අනාවරණයේ සදහන්.
ඊට පෙර ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලබන 20 වන සංශෝධනය මුල් කර ගනිමින් ව්‍යවස්ථා වෙනසක් සිදුකර නාමික ජනාධිපති ධූරයක් හා විධායක අගමැති ධූරයක් නිර්මාණය කරනු ඇති බවද එම වාර්තා සදහන් කරනවා.
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් විධායක අගමැති ධූරය සදහා මහින්ද රාජපක්ෂ මහතා තරග කිරීමට නියමිත අතර නාමික ජනාධිපති ධූරය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දරනු ඇති බවටයි එම ආරංචි මාර්ග හෙළිකරන්නේ.
මෙම මෙහෙයුම අවසානයේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක්ද ඊට එක්කර ගැනෙනු ඇති බවද එම වාර්තා හෙළිකරනවා.