පොහොට්ටු අපේක්ෂකයා මවට පිස්තෝලයක් පෙන්නා තර්ජනය කරලා

කඩුවෙල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දැඩිගමුව කොට්ඨසයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයා සිය මවට හා මාමාට මරණ තර්ජන එල්ල කළ බවට වන සිද්ධියක් පිළිබද නවගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිඛෙනවා.

පිස්තෝලයක් පෙන්වා මෙම අපේක්ෂකයා තර්ජනය කර ඇති බවද අදාළ පැමිණිල්ලේ දැක්වෙනවා.

වෙනත් පක්ෂයක අපේක්ෂකයකුගේ රැස්වීමකට සිය මව සහභාගීවීමට විරෝධය පල කරමින් මෙම තර්ජනය සිදුකර තිඛෙනවා.
කෙසේ වෙතත් සිය මවට මෙසේ තර්ජනය කරන පුද්ගලයකු ජනතාව වෙනුවෙන් කවර ආකාරයෙන් කටයුතු කරනු ඇත්දැයි සිතා බැලීම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට යහපත් බවයි අප සිහිපත් කරනු ලබන්නේ.

 


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *