බටපොල වෙඩි තැබීමකින් 5 දෙනකුට තුවාල

බටපොල ඊරියපිටිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පස් දෙනකු තුවාල ලබා තිඛෙනවා.
මේ අතරට එකම පවුලේ 4 දෙනකු වන අතර ඔවුන් පියා හා පුතුන් 3න් දෙනා වන බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධියට මුහුණ පෑ පියාගේ මෝටර් රථයේ දෝෂයක් ඇති වී ඇති අතර එය සෑදීමට ගරාජ්කරුවකු ගෙන්වාගෙන තිඛෙනවා.
පසුවඅදාල කාර්මිකයා යළි ඇරලවීමට තම දරු 3න් දෙනා සමග හෝටර් රථයෙන් යමින් සිටියදී ඊරියපිටිය පිට්ටනිය අසලදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණා.
තුවාලකරුවන්ගෙන් 4 දෙනකු බලපිටිය රෝහලේ ද එක් අයෙක් බටපොල රෝහලේද ප්‍රතිකාර ලබනවා.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තැබීම සිදුකර ඇති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.