බඩු මිල වැඩිවීම කුමන්ත්‍රණයක් ? රිෂාඩ්ගේ ඇමති ධූරය අහිමිවන ලකුණු

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් පාලනයකින් තොරව ඉහළ යාමට හේතුව දේශපාලන කුමන්ත්‍රණයක් බවට ජනාධිපතිවරයා වෙත පැමිණිලි ඉදිරිපත්ව තිඛෙනවා.
මේ සඳහා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා වගකිවයුතු බැවින් වහා ඔහු මෙම තනතුරින් ඉවත්කර රජය ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු බවයි අමාත්‍යවරුන් දන්වා ඇත්තේ.
අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද භාණ්ඩ මිල ඉහළ යාමේ ප්‍රශ්නය මත ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ගණනාවක් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට දැඩිව චෝදනා එල්ල කර තිබුණා.
එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉතා ඉක්මනින් භාණ්ඩ මිල ගණන් පාලනය නොකළොත් තමන්ට ඊට මැදිහත්ව තීරණාත්මක පියවර ගන්නට සිදුවන බවයි.
කොළඹ තොග වෙළෙඳ පොළේ වෙළෙඳුන් හතර පස් දෙනෙකුට රටේ බඩු මිල ගණන් තීන්දු කරන්නට ඉඩදී ඇති බවටද මෙහිදී චෝදනා නැගුණා.
ඊට අමතරව වාණිජ කටයුත අමාත්‍යංශයට අයත් රජයේ ඉඩම් කිසිදු විවෘත ටෙන්ඩර පටිපාටියකින් තොරව විවිධ ව්‍යාපාරිකයන්ට පැවරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුකර තිඛෙනවා.
පවත්නා තත්ත්වය තුල බදුයුදීන් මහතා දරන අමාත්‍ය ධූරය වෙනත් අමාත්‍යවරයකුට හිමිවනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග අනාවරණ කරන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial