බන්ධනාගාරයේ සිටින දුමින්ද සිල්වාට අසාධ්‍යයිලු

මරණ දඩුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.
එම වාර්තා හෙළිකරන්නේ බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර රෝහලටද ඇතුලත් කර තිබූ බවයි.
එහෙත් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැමිණි වෛද්‍යවරයකුගේ නිර්දේශ මත ඔහුව යළි සිර මැදිරියකට ඇතුලත් කළ බවයි ප්‍රකාශ වන්නේ.
එහෙත් එදින රාත්‍රී කාලයේ දී ඔහුගේ රෝගී තත්ත්වය නැවතත් උත්සන්න වූ බව පවසමින් යළිත් බන්ධනාගාර රෝහලට යොමුකිරීමට පියවර ගෙන තිඛෙනවා.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැමිණි අදාළ වෛද්‍යවරයාගේ තීරණයට බන්ධනාගාර රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් විරෝධය පළ කර ඇති බවයි ප්‍රකාශවන්නේ.
බන්ධනාගාර රෝහල සම්බන්ධයෙන් සමාජයේ මතු වී ඇති විරෝධය හේතුවෙන් මෙසේ පියවර ගැනීමට අමාත්‍යාංශයට හැකියාව පවතින බව බන්ධනාගාර වාර්තාවල සදහන්.
කෙසේ වෙතත් මීට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පරීක්ෂා කළ වෛද්‍යවරුන් නව දෙනකුගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයක් විසින් ඔහුට ප්‍රතිකාර අත්‍යවශ්‍ය බව දැනුම් දුන් බව හෙළිවනවා.
ඔහුගේ මොළයට දැඩි හානි සිදු වී ඇති නිසා මෙසේ ප්‍රතිකාර ලබා දිය යුතු බවට වැඩිදුරටත් නිර්දේශ කර ඇති බවයි අනාවරණ වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *