You are here
Home > ප්‍රධාන-පුවත් > බය නැත්නම් ජන්දයක් දෙන්න / මහින්දගෙන් ආණ්ඩුවට අභියෝගයක්

බය නැත්නම් ජන්දයක් දෙන්න / මහින්දගෙන් ආණ්ඩුවට අභියෝගයක්

රටට මේ මොහොතේ ස්‌ථාවර රජයක්‌ අවශ්‍ය වන බැවින් ආණ්‌ඩුව වහා පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා කියා සිටියේ රටේ අස්‌ථාවරභාවය හේතුවෙන් විදේශ ආයෝජන ඇතුළු සියලු අංශ කඩාවැටී ඇති බවයි.
රට දියුණු කිරීම සදහා ආයෝජකයන් ගෙන්වා ගැනීමට නම් ස්‌ථාවර රජයක්‌ අවශ්‍ය බවත් හිටපු ජනාධිපතිවරයා සදහන් කරනවා.
පවත්වා දේශපාලන වාතාරණය තුල ජනතාව ආකාර්යක්ෂමවී ඇති බවටයි මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වන්නේ.එබැවින් ආණ්‌ඩුව ජනතාවට මුහුණදීමට බිය නැති නම් පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස්‌ ජනමතය විමසා බැලිය යුතු බවටයි රාජපක්ෂ මහතා අදහස් දක්වන්නේ.

Top