බලෙන් ඉන්න ගිය යමීන්ට අවසන් අවස්ථාවත් නැතිවෙයි

මාලදිවයින් ජනාධිපතිවරණයේ හෝ එහි ප්‍රතිඵලයේ කිසිදු ගැටළුවක් නොමැති බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළා.
ඒ මැතිවරණයේ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් ඉදිරිපත් කර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කරමිනුයි.
ඒ අනුව මාලදිවයින් ජනාධිපතිවරණයෙන් විපක්ෂනායක ඊබ්‍රහිම් මොහොමඩ් සෝලිගේ ජයග්‍රහණය නීත්‍යානුකූල බවයි මාලදිවයින් ශ්‍රේෂ්ඨාධීකරණය තහවුරු කර ඇත්තේ.
ඒ නුව තවදුරටත් බලයේ රැදී සිටීමට අබ්දුල්ලා යමීන් දරන ලද අවසන් උත්සාහයද ව්‍යර්ථවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *