බස්නාහිර පළාත් සභාවේ කැමරා ටෙන්ඩරයේ වංචාවක් ?

බස්නාහිර පළාත් සභාවේ කැමරා පද්ධතිය සවි කිරීමට ලැබුණු අඩු මිල ටෙන්ඩර් පත්‍රය ඉවත දමා රුපියල් මිලියන 100කට එය ලබාදීමට කටයුතු කර ඇතැයි තොරතුරු අනාවරණ වනවා.
ඒ අනුව රුපියල් මිලියන 70ක ටෙන්ඩරය ඉවත දමා රුපියල් මිලියන 30 ක වැඩි මුදලකට මෙම ටෙන්ඩරය පිරිනමා ඇති බව සදහන්.
ඒ අනුව තමාට සිදුවූ අසාධාරණය ගැන රුපියල් මිලියන 70ක ටෙන්ඩර් පත්‍රය ඉදිරිපත් කළ සමාගමේ ප්‍රධානියා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිඛිතව දන්වා ඇති බවද එම වාර්තා හෙළිකරනවා.
ඒ අනුව මෙම ටෙන්ඩර් ගණුදෙනුව පසුපස යම් අක්‍රමිකතාවයක් පවතින බවට සැක මතුවන බවයි ප්‍රකාශවන්නේ.
බස්නාහිර පළාත් සභාවේ පක්ෂ 6ක බැගින්වූ පුටු ගණුදෙනුව / පළාත් සභා ගොඩනැගිල්ල ආදිය තුල ක්‍රමිකතාවයන්ද පවතින බවටයි මේ වන විට චෝදනා එල්ලවී ඇත්තේ.