බස්නාහිර සැප පුටු ගායට නිට්ටාවටම ඛේත්

බස්නාහිර පළාත් සභාවේ නව සභාගර්භයට ඇණවුම් කර ඇති රුපියල් 644,000 ක් බැගින් වන ආසන 104 මිලදී ගැනීම අත්හිටුවීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා තීරණය කර ඇතැයි වාර්තාවනවා.
ඒ මෙම සුපිරි ආසන ගෙන්වීම පිළිබද පළාත් සභාවේ අංශ කීපයකට සම්බන්ධ නිලධාරින් හා මහජන නියෝජිතයන් සමග ඊයේ දිනයේ ආණ්ඩුකාරවරයා පැවැත්වූ සාකච්ජාවකින් පසුවයි.
පුටු මිලදී ගැනීමේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියේදි අක‍්‍රමිකතාවයක් සිදුව ඇති බව මෙම සොයා බැලීමේදී අනාවරණවී තිඛෙනවා.
ඒ අනුව මෙම සැප ආසන ඇණවුම අවලංගු කිරීමට හා ඒ හේතුවෙන් පළාත් සභාවට මූල්‍ය අලාභයක් සිදුවන්නේ නම් එයද මෙම ආසන ගේවීමට මුල්වූවන්ගෙන් අය කර ගැනීමටයි ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත්තේ.
පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා මෙම ආසන ගෙන්වීම පිළිබද දැඩි උනන්දුවකින් කටයුතු කළ අතර ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ පළාත් සභාවට ඒ සදහා වන මුදල් පවතින බවයි.
එහෙත් එම මුදල් මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික බූදලයක් නොව ජනතා ධනය බව මහ ඇමතිවරයාට අමතකව ඇති ආකාරයයි පසුගිය දිනවල දැකගැනීමට හැකිව තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *