බස් ගාස්තු සියයට 15කින් වැඩි කිරීමට සූදානමක්

රජය ඉහළ දමනු ලැබූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තුවද වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට පහළොවකින් ඉහළ දැමීමට රජය අවසර ලබාදිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසනවා.
දෙසතියක් තුල බස් ගාස්තුව වැඩි කිරීමට බලධාරීන් පියවර නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙත යොමුවන බවයි ඔහු සදහන් කළේ.
ඉන්ධන මිල ගණන් විශාල අගයකින් ඉහළ දැමීම ප්‍රවාහන ක්ෂේත්‍රයට ඉතා තදින් බලපාන බවද ලේකම්වරයා කියා සිටියා.
සියලු බස් සංගම් ඒකාබද්ධව මෙම මිල වැඩි කිරීමේ තීරණයට එලඹ සිටින බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කරන්නේ.