බ්‍රැඩ්මන්ගේ වාර්තාව සම කළ කෝලි දඩ කයි

ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායකයකු හා ලොව සුපිරිතම ටෙස්ට් ක්‍රීඩකයා වන ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන්ගේ ටෙස්ට් තරග වාර්තාවක් සම කිරීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි සමත් වුණා. ඒ ටෙස්ට් නායකයකු ලෙස ලකුණු 150 සීමාව 8 වැනි වරටත් ඉක්මවා ලකුණු රැස් කරමින් .

දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දියා-දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු වැනි ඉනිමේදී ලැබූ ලකුණු 153ත් සමඟින් විරාත් කෝලි මෙම වාර්තාව සම කර තිබූ අතර එහිදී ඔහු තම ටෙස්ට් දිවියේ 22 වැනි ටෙස්ට් ශතකයද වාර්තා කළා.

මේ අතර ටෙස්ට් නායකයකු ලෙස ලකුණු 150 ඉක්මවා ලැබූ ක්‍රීඩක ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ මහේල ජයවර්ධන, ඔස්ට්‍රේලියාවේ නායක මයිකල් ක්ලාර්ක් සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරායි රැදී සිටින්නේ.

කෙසේවෙතත් කෝලි මෙම වාර්තාව සම කිරීමට සමත් වී තිබුණද දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේ පන්දු රැකීමේදී ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වන අයුරින් හැසිරීම හේතුවෙන් ඔහුගේ තරග ගාස්තුවෙන් 25%ක දඩයකට ලක්කරන්නට අයි.සී.සී.ය (අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය) තීරණය කර තිඛෙනවා. පන්දුව ක්‍රීඩා කිරීමට නුසුදුසු තත්ත්වයක පවතින බවට විනිසුරුවරයාට පැමිණිලි කළ පසු නැවතත් එම පන්දුවෙන්ම ක්‍රීඩා කිරීමට විනිසුරුවරයා තීරණය කිරීමෙන් අනතුරුව පන්දුව ප්‍රවේගකාරී ලෙස බිම පතිත කිරීම නිසා ඔහුව මෙම දඩයට ලක් කර ඇති බවයි සදහන් වන්නේ.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.20