බ්‍රිගේඩියර් අතින් පෙන්නුවේ ප්‍රභාකරන්ට අත්වූ ඉරණමලු

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්ටීටිඊ හිතවාදීන් තමන්ගේ නායකයා ප්‍රභාකරන් බව පවසමින් උද්ඝෝෂණය කරන අවස්ථාවේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා තමන්ගේ නිල ඇඳුමේ බාහුවේ ඇති ශ්‍රී ලංකා ජාතික ධජය පෙන්වා උද්ඝෝෂකයන්ට ගෙල සිදීමක් අභිනයෙන් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා රජය මේ වන විට ප්‍රභාකරන් ගේ ගෙල සිඳ සහ එල්ටීටීඊය මර්දනය කර ඇතිබව යැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.

එය ශ්‍රී ලංකා රජය මගින් සිදු කරනු ලැබූ ක්‍රියාවක් බැවින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා විනය විරෝධී කටයුත්තක් සිදු කොට නොමැති බවත් ඒ අනුව ඔහු සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නොවන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සදහන් කළා.

එමෙන්ම මෙහිදී බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහාකොමසාරිස් කාර්යාලය ඉදිරියට පැමිණි උද්ඝෝෂකයන්ගේ ගෙල සිදින බවක් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අභිනයෙන් පළ කළ බව පිළිගැනීමට කිසිදු තාර්කික පදනමක් නොමැති බව සඳහන් කළ යුද හමුදාපති වරයා එවැනි දැනීම් සහ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු එසේ බොළඳ ආකාරයෙන් හැසිරෙතැයි කෙසේවත් නොසිතන බවයි සදහන් කළේ.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.21