You are here
Home > ආසන්න-පුවත් > බැදුම්කර කොමිසමේ සාක්ෂි දුන් අනිතා රට හැර ගිහින්

බැදුම්කර කොමිසමේ සාක්ෂි දුන් අනිතා රට හැර ගිහින්

මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අනිකා විජේසූරිය මහත්මිය මරණ තර්ජන හේතුවෙන් රටින් පිටව ගොස් ඇතැයි බැදුම්කර විමර්ෂණ කොමිසම හමුවේ අද ප්‍රකාශ කෙරුණා.

පෙන්ත්හවුස් නිවාස සිද්ධිය සම්බන්ධයෙන් ඇය සිය සාක්ෂි බැඳුම්කර කොමිසට ලබාදුන් අතර හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතාගේ ඥාතියෙක් බව පැවැසෙන ශනිල් තෙත්තිකුමාර නම් පුද්ගලයෙක්  අනිකා විජේසූරිය මහත්මියට මරණ තර්ජන එල්ල කර ඇති බවයි නීතිපති දෙපාර්තමෙන්තු නිලධාරීන් බැඳුම්කර කොමිසමට ප්‍රකාශ කළේ.

එසේම අනිකා මහත්මියගෙ සහෝදරයෙක් වන විජිත් යන අයටත් මරණ තර්ජන කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් බැඳුම්කර කොමිසමෙන් ඉල්ලීමක් කර තිඛෙනවා.

Top