බැදුම්කර වංචනිකයින්ට නඩු / පර්පචුවෙල් ලාභය බිලියන 11යි / ජනපති හෙළිකරයි

බැදුම්කර විමර්ෂණ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවට අනුව පර්පචුවෙල් ටේ්‍රෂරීස් සමාගමේ වගකිවයුත්තන්ට හා හැටපු මහ බැංකු අධිපතිවරයා ඇතුලු චූදිතයින්ට එරෙහිව අපරාධ නඩු පැවරීමට නිර්දේශ කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

මෙම වංචනික ගණුදෙනුවෙන් අදාළ සමාගම රුපියල් මිලියන 11,000 ක් හෙවත් බිලියන 11ක ලාභයක් උපයා ඇති බවද අනාවරණ කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ නඩු පැවරීමේ වගකීම අල්ලස් කොමිසමට පැවරෙන බවද ජනාධිපතිවරයා කියා සිටියා.

2008 – 2015 සමය මහා පරිමාණ බැදුම්කර වංචා සිදුව ඇති සමය ලෙසයි කොමිෂන් සභාව නම් කර ඇත්තේ.ඒ පිළිබද පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව අල්ලස් නඩු පැවරීමට පියවර ගන්නා ලෙස කොමිසම නිර්දේශ කර ඇතැයිද ජනාධිපතිවරයා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *