බැදුම්කර වංචාවට තොරතුරු දුන් ඔත්තුකරුවන් හෙලිවෙයි

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඇතුළු ස්‌ථානවල සිටින නිලධාරීන් භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනු සිදුකිරීම සඳහා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට ලබාදුන් අභ්‍යන්තර රහස්‌ තොරතුරු වෙනුවෙන් වරින් වර විශාල මුදල් ගෙවීම් සිදු කළ බව පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන ගනදෙනුකරු නුවන් තිළිණ සල්ගාදු මහතා බැදුම්කර කොමිසම හමුවේ අනාවරණ කර තිඛෙනවා.

තම අභ්‍යන්තර තොරතුරු සැපයූ පුද්ගලයන් තිදෙනෙකුට චාලි (Charli) කාර් (Car) සහ ටැන්ගෝ (Tango) යන අන්වර්ථ නාමයන්ගෙන් මේ ගෙවීම් සිදු කළ බවයි සල්ගාදු මහතා අද අනාවරණ කළේ.

2015 සැප්තැම්බර් මාසයෙන් පසු මේ පුද්ගලයන්ගෙන් චාලි ලෙස හැඳින්වූයේ සේවක අර්ථසාධක අරමුදලේ ඉන්දික සමන් කුමාර නමැත්තා බවද ඒ මහතා හෙළි කළා.
ඒ අනුව අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *