බැදුම්කර සමාගම බැංකු 33 කින් මුදල් ගෙවලා

මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ සමාගම් හතර, වාණිජ බැංකු 33ක තිබූ එම සමාගම්වල ගිණුම් මඟින් විවිධ පුද්ගලයන්ට කරන ලද ගෙවීම් හෙළිදරව් කරන ලෙසට මහ බැංකුව එකී සමාගම් හතරට නියෝග කර ඇත. අධිකරණ නියමයකට අනුව සිදුකරන ලද මෙම නියෝගය සමඟ Perpetual Treasuries Ltd, Perpetual Asset Management (Pvt) Ltd, Perpetual Capital Holdings (Pvt) Ltd සහ W.M. Mendis & Co.Ltd යන අර්ජුන් ඇලෝසියස් සමඟ බැඳුණු සමාගම් හතරෙන් මුදල් ලබාගත් බොහෝ පුද්ගලයන්ගේ නම් ගම් හෙළිදරව් වනු ඇතැයි බලාපොරොත්තු වේ.

ඉකුත් 2015 ජනවාරි සහ 2018 මැයි අතර කාලය තුළ දී නිකුත් කරන ලද සියලුම චෙක්පත්වල සහ එම චෙක්පත් අනුව අදාළ ගිණුම්වලින් මුදාහරින ලද මුදල් පිළිබඳ විස්තර ඇතුළත් ඉලෙක්ට්‍රොනික පිටපත් මහ බැංකු අධිපතිවරයා වෙත ලබාදෙන ලෙස අදාළ පාර්ශ්වයන්ට දැනුම් දී තිබේ.

මෙලෙස සිදුවී ඇති චෙක්පත් ගනුදෙනු පිළිබඳ විස්තර ලබාදෙන ලෙසට නියම කරනු ලැබ ඇති වාණිජ සහ විශේෂ බැංකු මෙසේය.

ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව, රීජනල් ඩිවලොප්මන්ට් බැංකුව, ඇක්සිස් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, පබ්ලික් බෑන්ක් බර්හාඩ්, නේෂන් ට්‍රස්ට් බැංකුව, හැටන් නැෂනල් බැංකුව. සම්පත් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, (NDB), DFCC බැංකුව, සෙලාන් බැංකුව. කොළඹ යුනියන් බැංකුව, ඉන්දියානු රාජ්‍ය බැංකුව, හොංකොං ෂැන්හයි බැංකුව, චීන බැංකුව (Bank of Chaina), ඉන්දියන් ඕවර්සීස් බැංකුව, ර්ඛ්ඕ බැංකුව, ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව, මහජන බැංකුව, ලංකා බැංකුව, ශ්‍රී ලංකා නිවාස සංවර්ධන සහ මූල්‍ය සහයෝගිතා බැංකුව , ICICI බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩොයිෂ් (Deutsche Bank)බැංකුව, අමානා බැංකුව, හබිබ් බැංකුව, සිටි බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, ජාතික ඉතිරිකිරීම් බැංකුව, කාගීල්ස් බැංකුව, සණස සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව සහ ඉන්දියන් බැංකුව

චාමර අමරසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *