බැදුම්කර හොරුන්ට නඩු පැවරීම දෙසැම්බර්යේ

මහ බැංකු බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට බාරදීමෙන් පසු ජනපතිවරයාගේ උපදෙස් අනුව බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මාසයේදී අධිකරණයේ නඩු පැවැරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව අනාවරණ වනවා.
කොමිසම මේ වන විට රජයේ ප්‍රධාන අමාත්‍යවරු තිදෙනකු ඇතුළු පනස් හතරදෙනකුගේ සාක්ෂි සටහන් කර ගෙන එම කටයුතු අවසන් කර තිඛෙනවා.
මෙම සාක්ෂි හා කොමිසමට ඉදිරිපත් වී ඇති විද්‍යුත් සාක්ෂි පදනම් කර ගත් අවසන් වාර්තාව සැකසීම මේ වන විට ආරම්භ කර තිඛෙනවා.
ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩු පවරා නඩු විභාගය විශේෂ අධිකරණයකට යොමු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව අගවිනිසුරුවරායට විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමටද සූදානමින් පසුවන බවයි හෙළිවන්නේ.
කොමිසමේ නිල කාලය මේ මස 27 දා අවසන් වීමට නියමිත අතර එම කාලය තවත් දීර්ඝ කරන ලෙස මේ වන විට ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත යොමුව තිඛෙනවා.
ඊට පෙර කොමිසමට අවශ්‍ය කරුණු කිහිපයක් පිළිබද අගමැතිවරයාගෙන් ලිඛිත ප්‍රකාශයක් ලබා ගැනීමටද කොමිසම සූදානමින් පසුවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *