You are here
Home > ආසන්න-පුවත් > බිල් ගේට්ස්ගේ ඉල්ලීමට රාජිත පැයක් වෙන්කරයි

බිල් ගේට්ස්ගේ ඉල්ලීමට රාජිත පැයක් වෙන්කරයි

මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘෘ හා තාක්ෂණික උපදේශක බිල් ගේට්ස් මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ හමුවක් ලබන නොවැම්බර් මස 15 දින අබුඩාබියේ දී පැවැත්වීමට නියමිතව තිඛෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ අබුඩාබියේ පැවැත්වෙන ගෝලීය සෞඛ්‍ය රැස්වීමෙන් පසු මෙම හමුව පැවැත්වෙන බවයි. බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කිරිම සහ අධ්‍යයනය කිරිම බිල් ගේට්ස් මහතාගේ අපේක්ෂාව වන අතර බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරිමට තමන්ට අවශ්‍ය බව ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම්දී තිබුණා.
ඒ අනුව පැයක කාලයක් ඒ සදහා වෙන්කර ඇති බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.

Top