You are here
Home > උණුසුම් පුවත් > බිළිදකුට බියර් පෙවූ නරුම පියා ඇතුලු 4ක් අත්අඩංගුවට

බිළිදකුට බියර් පෙවූ නරුම පියා ඇතුලු 4ක් අත්අඩංගුවට

සාදයක් අතරතුරදී කුඩා දරුවකුට මත්පැන් පොවමින් එය වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දරුවාගේ පියා බව කියන පුද්ගලයකු හා තවත් 4 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 313 ගනාන්ගමුව ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මෙසේ සිය බිළිදු දරුවාට බියර් පොවා ඇති බවයි හෙළිව ඇත්තේ.දරුවා අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන තිබුණා.

පරුෂ වචන කියමින් කිසියම් වැඩිහිටියන් පිරිසක් පවත්වනු ලැබූ මෙම මත්පැන් සාදයේදී මෙම කුඩා දරුවාට බියර් වැනි කිසිවක් පොවන අයුරු අන්තර්ජාලයට එක්කර තිබූ වීඩියෝවක ඇතුලත්වීමෙන් පසුවයි මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ ආරම්භ කෙරුණේ.

Top