බීමත්ව රිය පදවා ජීවිතයක් අහිමි කළ වෛද්‍යවරිය යළි රිමාන්ඩ්

බීමතින් මෝටර් රථයක් පදවා පොලිස් පරීක්ෂකවරයකු මරණයට පත් කිරීමේ චෝදනා ලැබ සිටින රත්නපුර මහා රෝහලේ දියවැඩියා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරිය යළිත් ලබන 30 දා තෙක් බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

පසුගියදා සිදුවූ රිය අනතුරින් සුලු තුවාල ලැබූ ඇය තවදුරටත් කලුබෝවිල ශික්ෂණ රෝහලේ රැදී සිටිනවා.

මෙම අනතුරින් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවය කළ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතා ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා සිද්ධියෙන් තුවාල ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *