බුද්ධගයාව ආසන්නයේ සුලු පිපිරීමක් / තවත් බෝම්බ 2ක් සොයා ගැනේ

ඉන්දියාවේ බුද්ධගයා විහාරය ආශ්‍රිතව ආරක්ෂා තර කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගෙන තිඛෙනවා.
ඒ ඊයේ පස්වරුවේ බුද්ධගයාවේ පිහිටි දළෙයි ලාමා තුමන්ගේ විහාරය ආසන්නයේ පිපිරීමක් සිදුවීමත් සමගයි. එයින් කිසිවකුට හෝ හානියක් සිදුව තිබුණේ නැහැ.
කෙසේ වෙතත් අනතුරුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී බුද්ධගයාව ආසන්නයෙන් පුපුරා නොගිය බෝම්බ 2ක් සොයාගෙන තිඛෙනවා.
එම බෝම්බ කිලෝ 10 බැගින් වන බරකින් යුක්ත බවයි පැවසෙන්නේ.
කිසියම් ප්‍රහාරයක් සදහා සැලසුම් සහගතව ත්‍රස්ත කණ්ඩායමක් මෙය සිදුකර ඇති බවට සැකකෙරෙනවා.
මෙම පිපිරීම සිදුවන විට දළෙයි ළාමාතුමන්ද ආසන්න විහාරයේ වැඩ සිටි බව සදහන්.
2013 වසරේ ජනවාරි 07 වනදාද බුද්ධගයාව ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කෙරුණා.
එහිදී පුපුරා ගිය බෝම්බ ගණන 4ක්.
එය පකිස්ථාන ත්‍රස්ත කණ්ඩායමක මෙහෙයුමක් බවටයි සැක පලවන්නේ.මේ පිළිබද පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *