You are here
Home > ආසන්න-පුවත් > බුද්ධික පතිරණ ඇතුලු 6කට හෙට නියෝජ්‍ය ඇමති තනතුරු ?

බුද්ධික පතිරණ ඇතුලු 6කට හෙට නියෝජ්‍ය ඇමති තනතුරු ?

දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට හෙට දිනයේදී නියෝජ්‍ය අමාත්‍ය ධූර හිමිවන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අතරට මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාද වන බවයි අදාළ වාර්තා හෙළිකරන්නේ.
එඩ්වඩ් ගුණසේකර, ලකී ජයවර්ධන, ආනන්ද කුමාරසිරි හා රංජිත් අලුවිහාරේ යන මන්ත්‍රීවරුන්ටද මෙසේ අමාත්‍ය ධූර හිමිවනු ඇති බව සදහන්.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයා අතර එකගතාවයක් ඇතිකරගෙන ඇති බවද එම වාර්තා හෙළි කළා.

Top