බුදුන් ලංකාවේ පහළවූ බව කියන කතාවට මල්වතු පාර්ශවය එරෙහි වෙයි-Audio

බෝසතුන් ලංකාවේදී බුදුවූ බව පවසමින් ධර්මය විකෘති කරන භික්ෂූන් වහන්සේලා ඇතුලු පිරිසට එරෙහිව නිසි පියවර ගත යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර නාහිමියන් පවසනවා.
උන්වහන්සේ කියා සිටියේ මෙවන් ක්‍රියාවන් සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් නිසි පියවර නොගැනීම පිළිබද ඇතැම් විවේචන පවා සිදුවෙමින් පවතින බවයි.