බෙල්ලන්විල විමලරතන නාහිමියන් දැයෙන් සමුගනී

Banner

අපවත්වී වදාළ අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය අද පැවැත්වුණා. ඒ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ශ්‍රී ජයවර්ධනපුර විහ්ව විද්‍යාල ක්‍රීඩාංගනයේදියි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් කටයුතු කළ අතිපුජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියෝ සංඝ පීතෘවරයකු ලෙස ශ්‍රී ලාංකික ජනතාවගේ උන්නතිය වෙනුවෙන්  මඟ කියා දෙමින් යුග මෙහෙවරක් ඉටු කළ අතර සියලු ජාතීන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවි සිටියා.

අධ්‍යාපනික වශයෙන් ද සුවිසල් මෙහෙවරක නිරත වූ හිමිනමක් වන අතර උන් වහන්සේ බෞද්ධ දර්ශනයෙන් සාමය හා සංහිඳියාව ගොඩනැගීම සඳහා නිරන්තරයෙන් කැප වූ අතර ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ ද මහත් ගෞරවයට පාත්‍රවූ හිමිනමක්.

අපවත්වී වදාළ අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම්වූ නිර්වාණ සුවය අත්වේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු.

Banner