බෝතල් නොකළ පොල්තෙල් අලවිය තහනම් ඇයි?

ඇසුරුම් කරන ලද පොල්තෙල් පමණක් අලෙවි කිරීමට අවසර ලබාදීමට පියවර ගන්නා බව පොල් සංවර්ධන අධිකාරය පවසනවා.
මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා කියා සිටියේ මාස 3ක කාලයකින් පසු මෙම නියමය සක්‍රිය කරන බවයි.
ඊට අදාළව පාරිභෝගික අධිකාරිය සමග සාකච්ජා කර අවශ්‍ය පියවර ගැනීමට නියමිතයි.
වෙළදපලට බාල පොල්තෙල් නිෂ්පාදන පැමිණීම වැලැක්වීමයි මෙහි අරමුණ වන්නේ. කෙසේ වෙතත් මෙරට වෙළදපලේ බෝතල් නොකළ පොල්තෙල් මිල ඉතා අඩු මට්ටමක පවතින අතර අඩු ආදායම්ලාභීන් හා මධ්‍යම පාන්තිකයින් රැසක්ම එම නිෂ්පාදන පරිහරණය කරනු ලබනවා.
බෝතල් කරන ලද පොල්තෙල් වෙළදපලේ දෙගුණයක පමණ මිලකට අලෙවි කෙරෙන අතර මෙම නියමය එම සමාගම් තවත් ධනවත් කිරීමේ සැලසුමක්ද යන්න පිළිබදවද සැකයක් මතුවනවා.
ඒ හේතුවෙන් බෝතල් කරන ලද පොල්තෙල් මිල නියාමනයක් සහිතව මෙම නියමය පැනවීමයි වඩාත් සාධාරණ ක්‍රමවේදය වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *