භාරකාර ආණ්ඩුවකට රහස් සාකච්ජා

පවත්නා දේශපාලන අර්බුධය නිමාකිරීම සදහා භාරකාර ආණ්ඩුවක් සැකසීමට රහස් සාකච්ජාවක් ක්‍රියාත්මක බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
එක්සත් ජාතික පෙරමුණ මූලිකව මෙම සාකච්ජා ක්‍රියාත්මක වන අතර සියලුම දේශපාලන පක්ෂවල කණ්ඩායම් සමග මේ පිළිබද සාකච්ජා ක්‍රියාත්මක බවයි වාර්තාවන්නේ.
එම සාකච්ජා අවසානයේ ජනාධිපතිවරයා වෙත පොදු යෝජනාවක් ඉදිරිපත් කිරීම මෙම සැලසුමේ අරමුණ බවද ප්‍රකාශිතයි.
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඉදිරි වසර එකහමාරක කාලය සඳහා මෙම භාරකාර ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට යෝජිත බවද අදාළ වාර්තා අනාවරණ කරනවා.