භූ කම්පනයෙන් මතුවී දිවිදුන් වීරයා

ඉන්දුනීසියාවේ හටගත් ඒකක 7.5 ක ප්‍රබල භූ කම්පනය අවස්ථාවේ දහස් ගණනකගේ ජීවිතය බේරා ගනිමින් සිය ජීවිතය පූජා කළ නිර්භීත තරුණයකු පිළිබද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
මෙසේ සිය ජීවිතය පුද කරමින් මෙම වික්‍රමය දක්වා ඇත්තේ ඉන්දුනීසියාවේ සිස් අල් ජුෆ්රි ගුවන් තොටුපලේ ගුවන් ගමන් සංඥා පාලකවරයකු ලෙස සේවය කළ අන්තෝනියස් ගුනවාන් නැමැති 21 හැවිරිදි තරුණයෙක්.
භූ කම්පනය හටගත් අවස්ථාවේදී ඔහු ගුවන් සංඥා කුළුණක රැදී සිටි අතර ඔහු සමග තවත් පිරිසක් එම කුළුණේ රැදී සිට තිබුණා.
භූ කම්පනය සමග කුළුණ පුපුරා යාම ඇරඹී තිබූ අවස්ථාවේ එහි සිටි අනෙක් සියලු නිලධාරීන් ඉන් ඉවතට දිව ගොස් තිබුණේ ජීවිතය බේරා ගැනීමටයි.
කෙසේ වෙතත් ඒ වන විටත් ගුවන් යානයක් (බතික් එයාර් 6321 යානය )ගොඩබෑම සදහා සංඥා ලබාදී තිබූ බැවින් මෙම ගුවන් සංඥා පාලකවරයා එහි රැදී සිට තිබුණේ ගුවන් යානයේ මගීන් සිය ගණනක් වන බැවින් හා යානය සංඥා රහිතව කඩා වැටුණහොත් ඉන් ජනාකීර්ණ කලාපයකට සිදුවිය හැකි හානිය හේතුවෙනුයි.
ඒ අනුව යානය සාර්ථකව ගොඩබස්වා තිබුණේ භූ කම්පනය පවතින කාලය තුලයි.
ඒ සමගම පුපුරා ගිය ගුවන් සංඥා කුළුණ කඩා වැටී ඇති අතර තමන්ගේ යුතුකම ඉටු කළ මෙම තරුණයා ඉන් පිටතට පැන තිබුණ් කඩා වැටෙන කුළුණට යටවීමෙන් බේරීමටයි.
එහෙත් එම පිම්ම ඔහුට මරු කැදවා තිබුණා.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දුනීසියානු ගුවන් හමුදාව සදහන් කළේ මෙම අවස්ථාවේ වීරයකු අහිමිවීම රටට බලවත් පාඩුවක් වන බවයි.