මට විශ්වාස නෑ / ඒ නිසා බෑ / මහේල ක්‍රීඩා ඇමතිට කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරුන් ලෙස කටයුතු කරන්නැයි හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනකුගෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සිදුකළ ඉල්ලීම සුපිරි පිතිකරු මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ පවත්නා ක්‍රමවේදය පිළිබද තමන් තුල කිසිදු විශ්වාසයක් නොමැති බවයි.
තමන් මීට පෙර වසරක කාලයක් ක්‍රිකට් කමිටුවේ හා මාස 6ක් ක්‍රිකට් උපදේශන කමිටුවේ කටයුතු කළ බවද ඔහු සදහන් කරනවා.
එකල ලබාදුන් නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක නොවූ බවද මහේලගේ පණිවිඩයේ සදහන්.
ඒ අනුව කිසිවකුට හෝ කාලය කා දැමීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමන් යොදා නොගන්නා ලෙසයි මහේල ජයවර්ධන සදහන් කරන්නේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *