You are here
Home > උණුසුම් පුවත් > මත්කුඩු ජාවාරම්කරුවන් එල්ලීීමේ තීරණයට පිලිපීනයේ ප්‍රසාදය

මත්කුඩු ජාවාරම්කරුවන් එල්ලීීමේ තීරණයට පිලිපීනයේ ප්‍රසාදය

ලංකාවේ මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඩුවම ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිලිපීන ජනාධිපති රොඩ්රිගු දුතර්තේ විසින් අගය කර තිඛෙනවා.
පිලිපීන පුවත් සේවය වාර්තා කළේ පිලිපීන ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක හැරී රක් විසින් මේ පිළිබද අදහස් පල කළ බවයි.
පිලිපීනයේ මත්කුඩු ජාවාරමට එරෙහිව ගෙන යන මෙහෙයුම ආදර්ශයට ගෙන ලංකාව මෙම පියවර ගැනීම සතුටට කරුණක් බවයි ඔහු පවසන්නේ.
පිලිපීනයේ නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු මත්කුඩු ජාවාරමට එරෙහිව දැඩි පියවර ගනිමින් පවතින අතර මේ දක්වා කාලයේදී එම ජාවාරමට සම්බන්ධ විශාල පිරිසක් ඝාතනයට ලක්ව තිඛෙනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top