මදූෂ් ඇතුලු කල්ලියේ වාහන පරීක්ෂා කෙරේ

ඩුබායි හි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකදුරේ මදුෂ් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් පසුගිය දා ඩුබායි හෝටලයක පැවැති සාදයට පැමිණි මෝටර් රථ ඩුබායි පොලිසිය විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

මේ අතර මෙම සාදයට පැමිණ පොලිසිය එම හෝටලය වටලන අවස්ථාවේ පළා ගිය පිරිස ඩුබායි හි සි.සි.ටි.වි කැමරා පද්ධති ඔස්සේ අත්අඩංගුවට ගැනීම සදහාද පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.

ඩුබායි රටේ සි.සි.ටි.වි කැමරා පද්ධතිය සමස්ථ රටම ආවරණය වන පරිදි එකම කැමරා පද්ධති ජාලයක් බව ප්‍රකාශවන අතර එම නිසා එම කැමරා පද්ධති ජායාරුප මඟින් ඕනැම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සිදු කළ හැකි බව ද සදහන්.

ඒ අනුව මෙම සාදයට පැමිණ පළා ගොස් ඇති වාහන පරීක්ෂාවද සිදු වෙමින් පවතින අතර මේ වන විටත් සිද්ධියට අදාළ වාහන 20ක් ඩුබායි පොලිසිය භාරයේ පවතිනවා.