You are here
Home > ආසන්න-පුවත් > මධ්‍යස්ථ වෙබ් මාධ්‍යවේදීන්ගෙන් නව සංවිධානයක්

මධ්‍යස්ථ වෙබ් මාධ්‍යවේදීන්ගෙන් නව සංවිධානයක්

වෙබ් හා සමාජ ජාල මාධ්‍ය නිදහස සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් හා හරයාත්මක ආචාර ධර්මානුකූල වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන් කැපවූ වෙබ් මාධ්‍යවේදීන්ගේ නව එකමුතුවක් නිර්මාණයවී තිඛෙනවා. ඒ වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙසයි. කිසිදු පාර්ශවයක් වෙනුවෙන් ගැති නොවන වෙබ් සහ සමාජ ජාලා මාධ්‍යකරුවන් / ක්‍රියාකාරීන් ඇතුළු පිරිසකගෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සමන්විත වනවා.
විවිධ අරමුණු මුල් කර ගනිමින් සමාජ ජාල මාධ්‍ය නිදහස සීමා කිරීමට එරෙහිවීම / අදහස් ප්‍රකාශනයේ අයිතිය සුරක්ෂිත කිරීම ඇතුලු කරුණු රැසක් පිළිබද සක්‍රීය දායකත්වයක් සැපයීම හා ඒ වෙනුවෙන් කැපවීම සිදුවිය යුත්තක් බවටයි පසුගියදා කොලඹදී රැස්වූ වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ ප්‍රධම විධායක සභා සැසිවාරයේදී තීරණය කර ඇත්තේ.
කිසිදු දේශපාලන පක්ෂ / පාට භේද සීමාවකින් තොරව ක්‍රියාත්මක වන නව ව්‍යාපාරයේ සාමාජිකත්වයට ලබා ගැනීමට මධ්‍යස්ථ වෙබ් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට අවස්ථාව ලබාදීමටද මෙහිදී තීරණය කර තිඛෙනවා.
පටු අරමුණු හා වරප්‍රසාද වෙනුවෙන් වෙබ් මාධ්‍ය භාවිතා කරන පුද්ගලයින් හා සංවිධානවල ක්‍රියාකාරීත්වයද මෙහිදී දැඩි අවධානයකට ලක් කර ඇති බව සදහන්.
ඒ අනුව සුරක්ෂිත හා ආචාර ධර්මානුකූල වෙබ් හා සමාජ මාධ්‍ය කලාවක් මෙන්ම බාධාවකින් තොරව එහි පැවැත්ම තහවුරු කිරීමයි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ මූලික අරමුණ වන්නේ.ඒ සදහා මේ වන විටත් ප්‍රමුඛ පෙළේ වෙබ් මාධ්‍ය ආයතන රැසක් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් රැසක්ද සහාය ලබාදී තිඛෙනවා.

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top