මධූෂ්ගේ ගෝලයකුගේ නිවසින් හමුදා ඇදුම් හා ගිනි අවි මතුවෙයි

ඩුබායි හීදී පොලිස් අත්අඩංගුවට ගත් දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකුගේ නිවසක සගවා තිබියදී ගිනි අවි ඇතුළු යුද හමුදා ඇදුම් කට්ටල තොගයක් සොයා ගෙන තිබෙනවා.

මාතර පොලිස් අධිකාරී කාර්යාලය හරහායි මෙම වැටලීම සිදුකර තිබුණේ.

යුද හමුදා ඇඳුම් කට්ටල නවයක් ,කැමා ඇදුම් තුනක්,යුද හමුදා හිස් වැසුම් දෙකක්,ඉන පටි දෙකක්, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 32 ක්, සරඹ පතොරම් 11 ක්, හිස් පතොරම් කොපු 37 ක් කිනිස්සක්, සිම් පත් පහක් හා ලැප්ටොප් පරිගණකයක් ඇතුළු උපකරණ තොගයක්  මෙහිදී පොලිසිය භාරයට ගෙන තිබෙනවා.