මධූෂ්ගේ ගෝලයන් ඉස්සූ නිල් දියමන්තිය හමුවෙයි


පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් පැහැරගන්නා ලද රුපියල් කෝටි 700 කට අධික වටිනාකමකින් යුත් නිල් දියමන්තිය ඊයේ (4) රාත්‍රී 9.00 ට පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසකදී සැකකරුවකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින්.

මාකඳුරේ මධුෂ් ගේ සැලසුමකට අනුව ඔහුගේ ගෝලයන් පිරිසක් විසින් මෙම නිල් දියමන්තිය ඉකුත් නොවැම්බර් මස 5 වැනි දින පැහැරගෙන ගොස් තිබුණා.

ඒ පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසුනු කණ්ඩායමක් විසිනුයි.

නිල් දියමන්තිය මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයකු සතුව තිබී අත්අඩංගුවට ගත් බවද සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන අපරාධ විමර්ශන ඒකකය මීට පෙර මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.