මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට ඇප නියම කර තිබෙනවා.

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ සිය නීතිඥවරුන් සමඟ භාරවීමෙන් පසුවයි සැකකාර මන්ත්‍රීවරයාට ඇප නියම කෙරුණේ.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02 ක් සහ රුපියල් දස දහසක මුදල් ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

එමෙන්ම සෑම ඉරිදා දිනකම සැකකරුවන්ට බණ්ඩාරවෙල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.