මන්ත්‍රී රවින්ද්‍ර යසස්ට රිය අනතුරකින් තුවාල


රිය අනතුරකින් තුවාල ලැබූ ජනප්‍රිය රංගන ශිල්පී සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රවීන්ද්‍ර යසස් කුමානායක මහතාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ ගම්මන්පිල ප්‍රදේශයේදී අද  අලුයම සිදුවු රිය අනතුරකින් පසුවයි රවීන්ද්‍ර යසස් කුමානායක මහතා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබුණේ.

රවීන්ද්‍ර යසස් කුමානායක මහතා පදවාගෙන පැමිණි මෝටර් රථය ඔහුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
හොරණ පොලිසියයි සිද්ධියට අදාළ පරීක්ෂණ මෙහෙයවන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න
© 2019 Lanka A news - Theme by HappyThemes