මරණයෙන් පසු සිතට වනදේ විද්‍යාවෙන් හෙළිවූ හැටි

මරණය යනු සැමටම පොදු තත්ත්වයක් වනවා. එය පරාජය කිරීමට දියුණු ලෝකයේ පවා කිසිදු තාක්ෂණයක් නොමැති අතර එය වැලැක්විය හැකි සත්ත්වයකුද ලෝකයේ ජීවත්වන්නේ නැහැ.එහෙත් සැබවින්ම මරණයෙන් පසු මිනිසාගේ සිරුර විනාශවී ගියද සිත හෙවත් විඤ්ඤාණය විනාශ නොවන බව ධර්මයේද දැක්වෙනවා.එසේනම් සිරුර මියයාමෙන් පසු සිතට සිදුවන්නේ කුමක්ද ? මේ විද්‍යාඥයන් විසින් ඒ පිළිබද අනාවරණ කර ඇති ආකාරයයි.

 

1 thought on “මරණයෙන් පසු සිතට වනදේ විද්‍යාවෙන් හෙළිවූ හැටි

  1. අතරමැද ගන්ධබ්බ අවස්ථාවක් ඇති බවත් එවැන්නක් නොමැති බවත් බෞද්ධ මත දෙකක් ඉදිරිපත් වී ඇත. පහතින් උපුටා දක්වා ඇත්තේ ආචාර්ය කිරින්දේ ධම්මානන්ද – (සිංගප්පුරුවේ හා මැලේසියාවේ හිටපු සංඝ නායක) නාහිමිපාණන් විසින් රචිත ‘බෞද්ධ විශ්වාස විමර්ශනය’ නම් ග්‍රන්ථයෙන් කොටසකි.
    “පුනර්භවය පිළිබඳ තේරුම් ගැනීමට අපහසු තවත් කරුණක් නම් පුනර්භවය සිදුවීම එක්වරම සිදු වන්නක්ද? නැද්ද? යන්නයි. බෞද්ධ ආචාර්යවරයන් අතර පවා මත භේදයට ලක්වී ඇති කරුණකි මෙය. අභිධර්මයේ සඳහන් වන්නේ ප්‍රතිසන්ධිය සත්වයෙකුගේ මරණය සිදුවීමත් සමගම අතර මැදි තත්ත්වයක් නොමැතිව සිදුවන්නක් බවයි.” (119 වැනි පිටුව)
    මේ පිළිබඳ නාරද ස්වාමීන් වහන්සේගේ මතය ද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
    “මරණය සිදුවූ වහාම මරණාසන්නයෙහි දී පහළ වූ කුශලා කුශල චිත්තානුකුල ව අන්තර් භාවයක් නැතිව පරලොව ඉපදීම (ප්‍රතිසන්ධිය) සිදුවේ. කූඩැල්ලා තැනක් අල්ලා ගත් පසු මුල් සිටි තැන හරින්නාක් මෙන් මෙලොව සත්වයාගේ මරණය සිදු වූ වහාම කර්ම වේගයෙන් පරලොව සත්වයාගේ පහළ වීම වේ”. (‘ධර්ම සංග්‍රහය’ නාරද ස්ථවිරයන් වහන්සේ – 157 වැනි පිටුව)
    ඇතැම් බෞද්ධ විද්වතුන් පවසන්නේ, චුති සිත සුදුසු ස්ථානයක් ලැබෙන තෙක් ‘ගන්ධබ්බයා’ වශයෙන් කල්ගත කරන බවය. ආගමික සිද්ධාන්ත හෝ අන් කරුණක් පිළිබඳ ව පරස්පර මත දෙකක් තිබේ නම් දෙකම සත්‍යය විය නොහැක. එකක් සත්‍යය වී අනෙක අසත්‍යය විය හැක. මත දෙකම අසත්‍යය වීමද විය හැක. මෙය ආගමික ඉගැන්වීම් පිළිබඳ ව්‍යාකුලත්වයක් ඇතිකර වන්නකි. මේ හැර තවත් ප්‍රශ්නයක් මතුවේ. ජීවත් ව සිටින මිනිසාට තම සිත ක්‍ෂණිකව ඕනෑම තැනකට යැවිය හැකිය. ළඟපාතට හෝ ඇමෙරිකාව වැනි රටකට හෝ හඳට ඉරට හෝ ඇන්ඩ්රොමිඩා තරු කැලට හෝ යැවිය හැකිය. මරණින් පසු ‘චුති සිත’ යවන්නේ කවුද? ඊට සුදුසු තැන සොයා ගන්නේ කුසල් අකුසල් අනුව යැයි ධර්ම දේශනාවන් හි පවසන විට අප ද ප්‍රශ්න කිරීමෙන් තොරව පිළිගනිමු. මෙය පිළිගන්නේ අන්ධ විශ්වාසයෙන් නොවේ ද? මෙය විශ්වාස කිරීමට අපට සාධක තිබේ ද?
    තවද චුති සිත යනු සිතකි. කයක් නැති කළ සිත පවතින්නේ කෙසේ ද යන ප්‍රශ්නය ද මතු වේ. බුද්ධ දේශනාව අනුව හා විද්‍යාව අනුව සිතක් ඇතිවන්නේ කයක් මත ය. ‘නාමරූප පච්චයා විඤ්ඤාණ” විය යුතුය. එහෙත් වත්මන් පටිච්ච සමුප්පාදයේ (බෞද්ධ හේතුඵල වාදයේ) දක්වන්නේ “විඤ්ඤාණ පච්චයා නාමරූප” වශයෙනි. මෙහි සත්‍යතාවක් තිබේ ද යන්න ගැන ද විමසා බැලිය යුතුය. දීඝ නිකායේ මහා නිදාන සුත්‍රයේ දැක්වෙන්නේ මෙසේ ය: “ආනන්ද, ඔබගෙන් යමෙකු විඤ්ඤාණයට හේතු වන්නේ කුමක්දැයි විමසුවහොත් ඔබ පිළිතුරු දිය යුත්තේ ඊට හේතුව වන්නේ ද, මුල් වන්නේ ද, උපත වශයෙන් සැලකෙන්නේ ද නාම රූප බවයි”. මහා සුදස්සන සුත්‍රයේ හා මහා පුන්නව සුත්‍රයෙහි ද මෙසේම සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *