මරණ දඩුවමට ගෙන්වූ කඹය ප්‍රමිති කාර්යාංශයට


එල්ලුම් ගහ සඳහා භාවිත කිරීමට නියමිත කඹය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය වෙත යොමුකර තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ පාකිස්ථානයෙන් ගෙන්වා ඇති එම කඹය මරණ දඬුවම ලබාදීම සඳහා යොදා ගැනීමට සුදුසු ද යන්න පරීක්ෂා කරීම සඳහා එලෙස ප්‍රමිති කාර්යංශයට භාරදුන් බවයි.

මේ අතර අලුගෝසු තනතුර සඳහා බඳවා ගැනීමේ අයදුම්පත් කැදවීමද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මරණ දඬුවම නියම වි සිටින දරුණු ගණයේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගන්නා ක්‍රියාමාර්ගවලට පහසුකම් සැලසීම මෙහි අරමුණ බවයි.

ඒ අනුව ලබන 25 වනදා තෙක් අලුගෝසු තනතුර සඳහා අයදුම්පත් ඉදිරිපත් යොමු කළ හැකියි.

මේ අතර එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට අදාළ වෙනත් උපකරණ ලබා ගැනීමේ කටයුතු ද, මේ වන විට ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න
© 2019 Lanka A news - Theme by HappyThemes