මරණ දඩුවමට පාප් වහන්සේ විරුද්ධ වෙයි

කවර මට්ටමේ අපරාධයක් වෙනුවෙන් වුවද මරණ දඩුවම ලබාදීම අනුමත නොකරන බව අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා.
වතිකානුව නිවේදනය කළේ මෙතෙක් වතිකානුව විසින් දරන ලද මරණ දඩුවම පිළිබද ස්ථාවරය මේ සමග වෙනසකට ලක්කර ඇති බවයි.
මේ දක්වා ඇතැම් පාප් වහන්සේලා විසින් ඇතැම් අපරාධ වෙනුවෙන් මරණ දඩුවම ලබාදීම යෝග්‍ය බවයි සදහන් කර තිබුණේ.
ඒ අනුව මෙතෙක් දරන ලද ස්ථාවරය වෙනස් කර ජීවත්වීමේ අයිතිය තහවුරු කළ යුතු බවට වන මතය පෙරට ගෙනයා යුතු බව වතිකානුව අවධාරණය කර තිඛෙනවා.