මරණ දඩුවමට මම විරුද්ධයි / මුදල් ඇමති කියයි

ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදුකරන ප්‍රකාශ සාවද්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද මුදල් මාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය සාකච්ජාවකදී අදහස් දක්වමින්.

‘‘හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු පරිදි ආණ්ඩුවට ගල් ගහන්න පටන් අරගෙන.තෙල්මිල හා තෙල්මිල සූත්‍රය ගැන එතුමා විකෘති අදහස් කියනවා.මහින්ද රාජපක්ෂ මහතා කියනවා එතුමාගේ කාලයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 120 යිලු.ඒක බොරුවක්.මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන කාලයේදී එනම් 2015 වසරේ ජනවාරි මාසය වනවිට පෙට්රල් ලීටරය රුපියල් 150යි එහෙම බැලුවම එදාට වඩා තෙල්මිල අද අඩුයි.

මිල සූත්‍රය රටට අවශ්‍ය දෙයක් ලෝක වෙළඳපළේ බොරතෙල් මිල අඩු වැඩි වෙනකොට එහි වාසිය හෝ අවාසිය හෝ ජනතාවට යනවා. අපට මතකයි 2014 දී ලෝක වෙළඳ පළේ තෙල්මිල සැලකිය යුතු ලෙස අඩු වුණා.හැබැයි තෙල් මිල අඩුවීමේ වාසිය එදා ආණ්ඩුව ජනතාවට ලබා දුන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලත් ආණ්ඩුව තෙල්මිල අඩුකළේ නැහැ.

මේ අතර මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ ආණ්ඩුවේ තීරණය සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් දැක්වූවා.

‘‘මරණ දඬුවම ක්‍රියාත්මක කරා කියලා රටේ කුඩු නැති කරන්න බැහැ.ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා.ඒත් ඒ ප්‍රාන්තවල අපරාධ එන්න එන්නම වැඩිවෙනවා.කුඩු හෑල්ලුවට ගන්න බැහැ. මම කුඩු වලට තදින්ම විරුද්ධයි.‘