මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය

මරණ දඩුවම යළි සක්‍රීය කිරීම කෙරෙහි කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.
අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සදහන් කළේ රට තුල ඉහළ යන අපරාධ රැල්ල මුල් කර ගනිමින් මරණ දඩුවම වහාම බලාත්මක කරන්නැයි කැබිනට් මණ්ඩලයේදී ඉල්ලීම් ඉදිරිපත් වූ බවයි.
ඒ අනුව ඉදිරියේදී ඒ පිළිබද කඩිනම් තීර්ණයක් ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා සදහන් කළා.1978 වසරෙන් පසු මෙරට තුල මරණ දඩුවම සක්‍රීය ලෙස ක්‍රියාත්මක කර නැහැ.
එහෙත් අසල්වැසි ඉන්දියාවේ මරණ දඩුවම ක්‍රියාත්මක වනවා.