You are here
Home > විදෙස් > මලයාසියානු යානයක් කත්මණ්ඩු ගුවන් පථයෙන් පිටතට පනී

මලයාසියානු යානයක් කත්මණ්ඩු ගුවන් පථයෙන් පිටතට පනී

නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපල තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඒ මලයාසියානු ගුවන් සේවයට අයත් යානයක් එම ගුවන් තොටුපලට ගොඩබෑමේදී ගුවන් ධාවන පථයේ ඇදීගොස් අවධානමකට ලක්වීමත් සමගයි.
ඒ වන විටත් යානයේ මගීන් ඇතුලු 139 දෙනකු රැදී සිට තිබෙනවා.
ගුවන් පථයෙන් එපිට පවතින මඩ තට්ටුවක යානය මේ වන විට සිරව ඇති අතර එහි සිටින පිරිස් ආරක්ෂිත බවයි ගුවන් තොටුපල නිවේදනය කළේ.
අඩි 100ක පමණ දුරක් යානය මෙසේ ගුවන් පථයෙන් පිටතට ඇදී ගොස් තිබෙනවා.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ බෝයිං 737 යානයක්.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top