මහරගම එජාප මන්ත්‍රීවරු පොහොට්ටුව නිසා වර්ජනයක


මහරගම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මේ වන විට විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
ඔවුන් නගර සභා රැස්වීම වර්ජනය කර ඇත්තේ පළාත් පාලන මැතිවරණයේදී නාම යෝජනා ප්‍රතික්ෂේප වූ හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර ඇතුලු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනකු නාගරික මන්ත්‍රීවරුන් ලෙස අද දිවුරුම්දීමට එරෙහිවයි.
අද දිනයේදී ස්වාධින කන්ඩායම 2 බයිසිකලය ලයිස්තුවෙන් තරග කළ මන්ත්‍රීවරු 5 දෙනකු ඉල්ලා අස්වීමෙන් පසුවයි මෙම දිවුරුම්දීම සිදුකර ඇත්තේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.