මහසොහොන් බලකායේ ලොක්කා යළි රිමාන්ඩ්


දිගන ප්‍රදේශයේ පසුගිය මැයි මාසයේ හටගත් නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මහසොහොන් බලකායේ ප්‍රධානියා බව කියන අමිත් වීරසිංහ නැමැත්තා අද යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ සැකකරු තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් සැකකරුවන් 10 දෙනකු අද ඇප මත මුදා හැරුණා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.