මහින්දගේ ඉන්දීය සංචාරය ආණ්ඩුවට තරවටුවක්ද ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුල විවෘත සංවාදයක් මතුකර තිඛේ. එක්සත් ජාතික පක්ෂයට අනුව එම සංචාරයේ අරමුණ ලාංකීය ජනතාව මෙන්ම ඉන්දීය ජනතාවද මුලා කිරීම බව කියවුණද මෙම සංචරය කෙරෙහි අවධානය යොමු කිරීමේදී එය තහවුරු කරන හා ප්‍රතික්ෂේප කෙරෙන කරුණුද හදුනාගත හැකිය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ අවසන් කාලය තුල ලංකාව හා ඉන්දියාව අතර හොදහිත දැඩිව පළුදුවූ බව හදුනාගත හැකිය.ඉතිහාසයේ මුල්වරට අසල්වැසි ඉන්දියාව විසින් ලංකාවට විරුද්ධව ජාත්‍යන්තරයේ අත ඔසවනු ලබන්නේ එවන් තත්ත්වයක් තිබියදීය.
කෙසේ වෙතත් අද වන විට ඉන්දියාවට යළිත් මහින්ද රාජපක්ෂ මහතා ළං කර ගැනීමේ අවශතාවය පැහැදිලිව මතුවන බව හෙළිවන්නේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දෙස ඉන්දියාව දැඩි අවධානයකින් පසුවන හෙයිනි.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ චීනය ලංකාව තුල සිය අත්තිවාරම බැදගත් අතර එය ඉන්දියාව නොරිස්සුවේය.
යහපාන රජය විසින් චීනයේ දම්වැල් බිදදමා තමන්ට එම අවස්ථාව ලබාදෙනු ඇතිය ඉන්දියාව අපේක්ෂා කළ බවද නොරහසකි.
එහෙත් මැදිහත්ව සලකා බැලීමේදී හදුනාගත හැකිවන්නේ වත්මන් පාලන සමය තුල නොබැදි පිළිවෙත වෙනුවට අච්චාර විදේශ ප්‍රතිපත්තියක පිහිටා සිටින බවය.
චීනයට ලංකාව තුල පෙරටත් වඩා අතපය විසි කිරීමට ඉඩ ලබාදී ඇති අතරම චීනයේ පස මිතුරා වන අමෙරිකාවද ලංකාව තුල සිය ක්‍රියාකාරකම් වර්ධනය කරමින් සිටී.
චීනය ලංකාවට ලංවනවාට අකමැති ඉන්දියාවට ඉතා ආසන්නයෙන් පිහිටි යාපනයේ නිවාස 40.000 ක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පවා හිමිවන්නේ චීනයටවීම විශේෂිතය.
එවන් තත්ත්වයකදී ඉන්දියාව ලංකාව දෙස බලන කෝණය වෙනස් කිරීම නියත වශයෙන්ම සිදුකිරීමට ඉඩ තිඛේ.
මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසුගිය සමයේ ඉන්දියාව සමග පැවැති ගැටලු පිළිබද ඉන්දීය මාධ්‍ය විමසීමේදී ඔහු පවසන්නේ අතීතය පිළිබද සාකච්ජා නොකර අනාගතයේ එවන් ගැටලු ඇති නොවන පරිදි පියවර ගන්නා බවය.
ඒ අනුව තමන් අතින් සිදුවූ දෝෂයන් හදුනාගත් බව ඔහු ව්‍යාංගයෙන් ප්‍රකාශ කරන බව පෙනේ.
එහෙත් ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ සෘජු සහයෝගය රාජපක්ෂ පිළට ඉදිරි දේශපාලන කටයුතුවලදී ලැඛේද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි.
ඒ ඔහුගේ සෘෘජු සහයෝගය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිමිවන බව ප්‍රකට කරුණක් හෙයිනි.
බසුගියදා මහින්ද මෝදි හමුවෙන් පසු ඊට අදාළ ට්විටර් පණිවිඩයක් හෝ මෝදි අගමැතිවරයා විසින් යොමුකරනු ලැබුවේ නැත.
සාමාන්‍යයෙන් මෝදි අගමැතිවරයා තමන් හමුවන අය පිළිබද නිරන්තරයෙන්ම තම ට්විටර් ගිණුම යාවත්කාලීන කරනු ලබයි.
මෙම හමුවට දිනකට පෙර ලංකාවේ කථානායකවරයා ඇතුලු පිරිසක්ද හමුවු මෝදි අගමැතිවරයා ඊට අදාළ තොරතුරු තම ට්විටර් ගිණුමේ පල කර ඇති බව හදුනාගත හැකිය.

එහෙත් මෝදි අගමැතිවරයා සිය පුද්ගලික මතයට වඩා ඉන්දියාවේ මතයට කන්දීමට ඉඩා ඇති බැවින් හිටපු ජනාධිපතිවරයා යලි ළං කර ගැනීමට ඉඩ තිඛේ.
ඇතැම් විට මෙම සංචාරයේදී පෙන්නුම් කළ සුහදත්වය ආණ්ඩුවට පෙන්නුම් කළ ඉගියක්ද විය හැකිය.
කෙසේ වෙතත් වඩාත් සුවිශේෂ වන්නේ මහින්ද – මෝදි හමුව නොව මහින්ද රාහුල් ගාන්ධි හමුවයි.
ඒ ඉන්දීය කොන්ග්‍රසය මෝදි අගමැතිවරයාට වඩා හාත්පසින්ම විරුද්ධ මතයක පසුවන හෙයිනි.
ඒ අනුව ඉන්දියාවේ බල පෙරළියක් සිදුවන්නේ නම් එහි බලපෑම එලෙසින්ම ලංකාවටද දැනෙනු ඇත.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මෙම ඉන්දීය සංචාරයෙන් හා එහිදී ඔහුට හිමිවූ මාධ්‍ය අවධානයෙන් මගහැර යාමට ශ්‍රී ලංකා ආණ්ඩුවට හැකියාවක් ලැඛෙන්නේද නැත.
දැන්වත් ආණ්ඩුව සිය මිතුරන් හෝ සතුරන් නිසි ලෙස හදුනාගත යුතුව තිඛේ.
ඉන්දියාව හෝ අමෙරිකාවද නැතහොත් චීනයද එසේත් නොමැතිනම් සියල්ලන්ටම රට විනාශ කිරීමට ඉඩදී බලා සිටින්නේද යන අවසන් තීන්දුව ආණ්ඩුව සතුය.
ඉදිරි ජනාධිපතිවරණයේදී අමෙරිකාව / ඉන්දියාව / රුසියාව හා චීනය ලංකාව තුල දැඩි ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරනු ඇත.
එහි වාසි අවාසි පවතින්නේ කවරකුටදැයි ආණ්ඩුවේ ප්‍රධානීන් දැන් හෝ හදුනා නොගන්නේ නම් එහි ප්‍රතිඵලය දැකගත හැකිවන්නේ මැතිවරණ ප්‍රතිඵළය තුලින්ම පමණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *