You are here
Home > ප්‍රධාන-පුවත් > මහින්දානන්ද අත්අඩංගුවට

මහින්දානන්ද අත්අඩංගුවට

මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීම සදහා අද පැමිණි අවස්ථාවේදීයි.

පසුගිය 09 සහ 11 යන දිනවල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට නියෝග කර තිබුණද ඔහු ඒ සදහ ඉදිරිපත්ව සිටියේ නැහැ.

2014 වසරේ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් බෝඩ් 11,000 කට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමේදී රුපියල් මිලියන 39 ක මුදලක් අවභාවිතා කර ඇති බවට අලුත්ගමගේ මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවුණා.

එලෙස රජයේ මුදලින් මිලදී ගත් කැරම් සහ දාම් බෝඩ්, 2015 ජනාධිපතිවරණ සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණය ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා භාවිතා කළ බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.

Top